දළදා මැදුරේ පහන් දල්වමින් සිටි කතකගේ රහස් ප‍්‍රදේශ ෆොටෝ ගත්ත කාමාතුරයා මාට්ටු

null

මහනුවර – දළදා මාළිගාවේ පහන් දල්වමින් සිටි කාන්තාවන්ගේ රහස් ප්‍රදේශය තම ජංගම දුරකථනයෙන් ඡායාරූප ගතකරමින් සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව යළිත් මේ මස 14 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත්තේ කුරුණෑගල – තෙලියගොන්න ප්‍රදේශයේ පදිංචි අවුරුදු 33 ක් වයසැති සුරවීර ආරච්චිගේ දොන් සුනිල් සමිපත් සුරවීර නැමති අයෙකි.

පසුගිය පොහොය යෙදුනු 31 වනදා අදාළ පුද්ගලයා ශි‍්‍ර දළදා මාළිගාවේ පහන් දල්වන ස්ථානයට ගොස් තම අතේ තිබූ ලේන්සුවක් බිම දමා එය අහුලාගන්නා ආකාරයට බිමට පහත් වී තම අතේ ඇති ජංගම දුරකථනය උපයෝගි කර ගනිමින් කාන්තාවන්ගේ රහස් ප‍්‍රදේශ ඡායාරූප ගනිමින් සිටිය දී දළදා මාළිගා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.ඒ. වසන්ත කුමාර මහතා තවදුරටත් නියෝග කර ඇත්තේ මොහු පිළිබඳ මානසික වෛද්‍ය වාර්තාවක් ලබාගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>