දානේ ගෙදර අල හොද්දට වැටි දරුවෙකු මරුට

null

වයස අවුරුදු දෙකයි මාස තුනක් වයසැති කුඩා දරුවෙකු දානේ ගෙදරක සූදානම් කර තිබුණ උණුසුම් අල හොද්දක් සහිත භාජනයකට වැටී පිළිස්සුම් තුවාල ලබා මියයාමේ අවාසනාවන්ත සිද්ධියක් ගිරාදුරුකෝට්ටේ ප්‍රදේශයෙන් වාර්තා වුණා.

ඥාති නිවසක පැවති දානමය පුණ්‍යකර්මය සඳහා මෙකී දරුවා මව පියා සමග සහභාගිවී සිටියදි කුස්සියේ පිළියෙල කර තිබු ආහර ලබාගන්නැයි ඳාතීන් ආරාධනා කරන ලද අවස්ථාවක දරුවාට ආහාර කැවීම සදහා දරුවාගේ මව දරුවා සමග කුස්සියට ගොස් බිම තිබු ආහාර බදුන් වලින් ආහාර ඛෙදා ගන්නා අතරතුර දරුවා මවට පිටුපසින් පැමිණ ඇති අතර එම අවස්ථාවේ එක්වරම දරුවාගේ පය පැකිලි බිම තිබු ලිපෙන් බාන ලද උණුසුම් අල හොද්දක් සහිත බදුනකට වැටී ඇත.

ඒ වනවිටත් ගැභිණියකව සිටි දරුවාගේ මවට දරුවා එකවර බේරාගැනිම තරමක් අපහසුවී තිඛෙන අතර අල හොදි භාජනය මත පිළිස්සී කෑගසමින් සිටි දරුවා එකවර එයින් ඉවතට ගෙන නිවසේ අයගේද ආධාරයෙන් රෝහලට ගෙනයන්නට ක්‍රියා කළේ ඉන් අනතුරුවයි.

මුලින්ම මහියංගන මුලික රෝහල වෙත ඇතුලත් කිරිමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා පේරාදෙනිය ළමා රෝහල වෙත දරුවා මාරු කර තිබුණ නමුත් දැඩි ලෙස පිලිස්සුම් තුවාල තිබීම නිසා දරුවාගේ ජීවිතය අවිනිශ්චතව තිබුණි. රෝහල් දැඩි සත්කාර ඒකකයේද රඳවා ප්‍රතිකාර කළත් සිද්දියෙන් දින දෙකකට පසු දරුවා පසුගිය 19 දින සවස අවාසනාවන්ත ලෙස මෙලොව හැර ගියා.

ගිරාදුරුකෝට්ටේ, මිගහහේන අංක 131 යන නිවසේ විසු විරසුරිය ආරච්චිලාගේ වෙනුල නිශාන් ඒකනායක නමැති අවුරුදු දෙකයි මාස තුනක දරුවෙකු මෙලෙස මියගියා. ඔවුන්ගේ ඥාතින් වෙසෙන මිනිපේ, පාලමහන්දිය ප්‍රදේශයේ පැවති පුණ්‍යකර්මයකදී මෙම අනතුර සිදුව තිබුණා.

සිද්ධියෙන් ගර්භනී කාන්තාවක වූ දරුවාගේ මවද පියාද ඥාතීන්ද දැඩි ලෙස කම්පනයට පත්ව ඇත. සිද්ධිය සම්බන්දයෙන් පේරාදෙනිය රෝහල් පොලිසිය දෙමාපියන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

මහියංගන – රංජිත් කරුණාවිර

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>