දැඩි ආරක්ෂාව යටතේ වෙළේ සුදා අධිකරණයට

null

මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදුනු බවට චෝදනා ලැබ දැනට රැඳවුම් නියෝග මත සිටින සමන්ත කුමාර හෙවත් වෙළේ සුදා අද කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කර තිබේ.

අද පෙරවරු 8 පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ සමන්ත කුමාර නොහොත් වෙලේ සුදා කොළඹ මහාධිකරණ සංකිර්ණයට ගෙනඑනු ලැබුවේය. ඔහු අධිකරණයට ඉදිරිපත් කරන අවස්ථාවේදී පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ විශේෂ ආරක්ෂාවක් අධිකරණ පරිශ‍්‍රයට යොදා තිබූ බව වාර්තා වේ.

මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයාගත් මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන් සහ මුදල් විශුද්ධිකරණ පනත කඩ කිරීම ඇතුළු චෝදනා 58ක් යටතේ ඔවුන් මහාධිකරණයට ඉදිරිපත් කෙරිණ.

එහිදී විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය විසින් අදාළ සැකකරුවන් මාර්තු 23 වැනිදා තෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවා‍ තබාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබාදුන් බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

එමෙන්ම දැනට ඇප මත මුදාහැර සිටින වෙළේ සුදාගේ බිරිඳ සහ නැන්දනියද අද අධිකරණයට පැමිණ සිටි අතර ඔවුන් දෙදෙනාටද මෙම නඩුව යළි කැඳවන මාර්තු මස 23 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසයි මහාධිකරණ විනිසුරුවරිය දැනුම් දී තිබේ.

null

pics – දෙරණ නිව්ස්

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>