දැඩි කොන්දේසි මත ශෂී වීරවංශට ඇප

null

ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කොට අවිධිමත් ගුවන්බලපත්‍ර සැකසූ බවට චෝදනා එල්ලවූ හිටපු අමාත්‍ය විමල් වීරවංශගේ බිරිඳවන ශෂී වීරවංශට ඇප ලබාදීමට අධිකරණය විසින් තීරණය කර තිබේ.

අදාළ නඩුව අද කැඳවමින් රහස් පොලීසිය විසින් සැකකාරිය අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලද අවස්ථාවේදී විත්තිය වෙනුවෙන් පෙනීසිටි නීතිඥයින් ඇය අසනීප තත්ත්වයකින් පසුවන බැවින් ඇප ලබාදෙන ලෙස ඉල්ලා ඇත.

ඒ අනුව කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ගිහාන් පිලපිටිය නියෝග කර ඇත්තේ ශෂී වීරවංශ රුපියල් 15,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටයි.

ඊට අමතරව, සෑම මසකම අවසන් සිකුරාදා පෙරවරු 9 ත් 12 ත් අතර අධිකරණ රෙජිස්ටාර්වරයා හමුවේ පෙනී සිටිය යුතු බවට ඇයට පැනවූ එක් ඇප කොන්දේසියක්. කොන්දේසි කඩකරමින් සාක්ෂිකරුවන්ට බලපෑම් එල්ල කළහොත් නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද මහේස්ත‍්‍රාත්වරයා මෙහිදී දැනුම් දී තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>