12 Feb 2015
දැදුරු ඔයට පැන්න සිසුවාගේ සිරුර හමුවෙයි
ඊයේ (11) වාරියපොළ ප්‍රදේශයේදී පෙම්වතුන් බවට සැලකෙන 15 හැවිරිදි පාසල් ශිෂ්‍යයෙක් සහ ශිෂ්‍යාවක් දැදුරු ඔයට පැන සියදිවි හානි කරගෙන තිබුණි.
ඔවුන්ගේ සිරුරු සොයා පොලීසිය හා හමුදාව ඊයේ පස්වරුවේ සිට මෙහෙයුම් ආරම්භ කළහ. එහි ප්‍රතිඵලයක් ලෙස පාසල් සිසුවාගේ සිරුර අද උදෑසන සොයාගෙන තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පැවසුවේ එම සිසුවා සමග දැදුරු ඔයට පැන දිවි නසාගත් සිසුවියගේ මළ සිරුර මෙතෙක් හමු වී නොමැති බවයි.
ඒ අනුව සිසුවියගේ සිරුර සෙවීමේ කටයුතු තවදුරටත් සිදුවන බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.
ජලාශයට පැන්න දෙදෙනාම පාසල් දෙකක අධ්‍යාපනය ලබන 15 හැවිරිදි සිසුන් බවට ඊයේ අනාවරණය විය.
පෙර පළවූ පුවත පහතින්.