දැදුරු ඔයට පැන්න සිසුවියගේ සිරුරත් හමුවේ

null

පසුගියදා 15 හැවිරිදි පාසල් පෙම්වතුන් යුවලක් දැදුරු ඔයාට පැන සියදිවි හානි කරගෙන තිබුණි. පසුව ඔවුන්ගේ සිරුරු සොයා පොලිසිය හා නාවික හමුදාව එක්ව මෙහෙයුම් ආරම්භ කරන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස තරිඳු නිශාන්ත නමැති සිසුවාගේ සිරුර ඊයේ දිනයේ සොයාගනු ලැබුවේය.

සිසුවියගේ සිරුර සොයා දිගටම මෙහෙයුම් ක්‍රියාත්මක කල අතර ඒ අනුව එම පාසල් සිසුවියගේ සිරුරද අද උදෑසන සොයාගෙන තිබේ.

සිසුවියගේ සිරුර අද උදෑසන 6.30ට පමණ සොයා ගැනීමට හැකිව ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

කලක පටන් පැවති මොවුන්ගේ ප්‍රේම සම්බන්ධයට දෙමව්පියන් විරුද්ධ වීම නිසා මෙලෙස සියදිවි හානි කරගන්නට ඇතැයි සැකකෙරේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>