දැරියක් දූෂණය කළ දෙදෙනකු අත්අඩංගුවට

null

ඌරුබොක්ක ගින්නලිය ප‍්‍රදේශයේ වයස අවුරුදු 13ක බාලවයස්කාරියක් දූෂණය කළ සැකකරුවන් දෙදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ අවුරුදු 25ක විවාහක තරුණයෙකු හා වයස අවුරුදු 18ක තරුණයෙකු ඌරුබොක්ක පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් මොරවක මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනෙකු පොලිසිය විසින් හඳුනාගෙන ඇති අතර ඔවුන් සොයා පොලිස් පරික්‍ෂණ ක‍්‍රියාත්මකයි. මෙම සැකකරුවන් දැරියගේ මාමා (40) කෙනෙකු හා තවත් පුද්ගලයෙකු (45) බව වාර්තා වේ.

අතවරයට ලක්වූ දැරිය මාතර රෝහලට ඇතුළත් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>