දැරියක් සමූහ දූෂණයට – සැකකරු රට පනිද්දී මාට්ටු

null

අම්බලන්ගොඩ – ඌරවත්ත ප‍්‍රදේශයේදී 15 හැවිරිදි පාසල් දැරියක් සමූහ දූෂණයට ලක් කර තිබේ. මෙම සිදුවීමට අදාළ ප්‍රධාන සැකකරු ඩුබායි බලා යාමට ගුවන් තොටුපොළට පැමිණ සිටියදී අද (20) අත්අඩංගුවට පත්වී ඇත.

මෙසේ අත්අඩංගුවට පත්වූයේ වයස අවුරුදු විසි එක් හැවිරිදි චානක නිෂාන් පෙරේරා නැමැති පුද්ගලයෙක්. මොහු ඩුබායි හි රැකියාවක නිරතව සිටින්නෙකු බවත් මාස 3 ක නිවාඩුවක් සඳහා ශ‍්‍රී ලංකාවට පැමිණ ඇති බවත් මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබේ.

මෙම දැරිය සමූහ දූෂණයට ලක් කිරීමේ සිද්ධියට සම්බන්ධ තවත් කාන්තාවක් සහ පුද්ගලයින් තුන්දෙනෙකු සොයා පොලීසිය මේ වනවිට මෙහෙයුම් ආරම්භ කර තිබෙන බව වාර්තා වේ.

මෙම දැරිය සමූහ දූෂණයට ලක්ව ඇත්තේ පසුගිය 16 වැනිදායි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති සැකකාරියගේ සොහොයුරා සමඟ මෙම දැරිය පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වා ඇති අතර එදින මෙම දැරියගේ නිවසට ගිය අදාළ සැකකාරිය තම සොහොයුරා වස පානය කර ඇති බවට පවසා ඇය නිවසින් පිටතට රැුගෙනවිත් තිබේ.

පසුව සැකකාරියගේ සොහොයුරා පෙන්වීමට යැයි පවසා මෙම දැරිය බස් රථයක නංවාගෙන අම්බලන්ගොඩ නගරයට පැමිණ පසුව ත‍්‍රිරෝද රථයක නංවාගෙන අම්බලන්ගොඩ – ඌරවත්ත ප‍්‍රදේශයේ නිවසකට රැුගෙන ගොස් ඇත. සැකකාර මෙම කාන්තාව දැරිය නිවසේ රඳවා ආහාර රැුගෙන එන බවට පවසා පිටතට ගොස් නිවසේ යතුර සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හතරදෙනාට ලබාදී තිබේ. අදාල කාන්තාව වීදි කාන්තාවක් බවයි පැවසෙන්නේ.

ඒ අනුව නිවසට ඇතුලූවූ සැකකරුවන් එම දැරිය සමූහ දූෂණයට ලක් කර ඇති බව පොලිසිය පවසයි. සැකකරුවන් සිව්දෙනා පසුගිය 15 හා 16 යන දින දෙක තුල ස්ථාන කීපයකට එම දැරියට රැගෙන ගොස් අතවර කර තිබේ.

මෙම දැරිය මේ වනවිට ගාල්ල – කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>