දැරියක කෙළෙසූ බාලවයස්කාරයින් අත්අඩංගුවට
වනාතවිල්ලුව, 6 කණුව ප්රදේශයේදී 14 හැවිරිදි දැරියක දූෂණය කළ බාලවයස්කාර සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 14 ක සහ 16 ක බාලවයස්කරුවන් දෙදෙනෙකු ය. ඔවුන් එම දැරියගේ මාමාගේ පුතා සහ ඔහුගේ මිතුරෙක් බව පොලිසිය පවසයි.
දැරිය තම ආච්චි අම්මාගේ රැකවරණය මත ජීවත් වන අතර දැරියගේ මව කුඩා අවදියේම මියගොස් ඇති අතර, දැරියගේ පියා වෙනත් විවාහයක් සිදු කර ගෙන ඇති බව කියයි.
අදාල දැරිය ආච්චි අම්මා සමග නිවසේ සිටියදී අදාල බාලවයස්කාරයින් දෙදෙනා විසින් දැරියව බරපතල ලිංගික අපයෝජනයයට ලක් කිරීම හා රංචු ගැසී කිහිප වතාවක්ම ස්ත්රි දූෂණය සිදු කර ඇත.
පසුව දැරිය විසින් පවුලේ ඥාතියෙකුට කල දැණුම් දීමකින් පසු වනාතවිල්ල පොලිසිය මගින් සැකකාර බාල වයස්කාරයින් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.
ඔවුන් පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර දැරිය පුත්තලම මූලික රෝහලේ වැඩිදුර ප්රතිකාර කටයුතු සදහා නේවාසිකව රදවා ඇති බව වාර්තා වෙයි.