දැරිය ගැබිණියක කලැයි චෝදනා ලැබූ පුද්ගලයෙක් නිදහස්

null

බාල වයස්කාර දැරියක් අපයෝජනයට ලක් කර ඇය ගැබිනියක් බවට පත් කළේ යැයි අනුරාධපුර විශේෂ මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබේ.

මෙලෙස නිදහස් කෙරුණේ මිහින්තලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අපයෝජනයට ලක් කළ දැරිය ප‍්‍රසූත කළ දරුවාගේ පීතෘත්වය සම්බන්ධයෙන් කොළඹ ජීන්ටෙක් ආයතනය සිදුකළ පරීක්ෂණයෙන් අනතුරුව මහාධිකරණය වෙත එවා තිබූ ඞී.එන්.ඒ පරීක්ෂණ වාර්තාව සැළකිල්ලට ගනිමින් විනිසුරුවරිය සැකකරු නිදොස් කොට නිදහස් කර ඇත.

පසුව අපයෝජනයට ලක්වූ බාලවයස්කාර දැරිය අධිකරණයට පවසා ඇත්තේ තමාට විත්තිකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් තිබුණද තමා අපයෝජනය කළේ තම සහෝදරයා බවයි. මේ සම්බන්ධයෙන් දෙමාපියන් දැනුවත් කළ අවස්ථාවේදී ඔවුන් තමන්ට තර්ජනය කර මෙම අපරාධය සිදුවූයේ අදාළ විත්තිකරුගෙන් බවට පොලීසියට පවසන්න යැයි බලපෑම් කළ බවද දැරිය පවසා තිබේ.

ඒ අනුව නඩුව විභාගයට ගත් විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති අධි චෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කර තිබෙන අතර දැරියගේ සහෝදරයා අත්අඩංගුවට ගන්නා ලෙසද නියෝග කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>