දැරිය දුෂණය කරන්න අම්මලා අවසර දීලා

null

ගිනිගත්හේන පොලිස් වසමට අයත් මිනුවන්දෙනිය ප‍්‍රදේශයේ පහළොස් (15) හැවිරිදි පාසැල් දැරියක් අපයෝජනයට ලක්කල සිය පෙම්වතා සහ එයට අනුබලදුන් පාසැල් දැරියගේ මව සහ පෙම්වතාගේ මව අත්අඩංගුවට ගෙන තිබේ.

හිරු නිව්ස් වාර්තා කරන පරිදි මෙම පාසැල් දැරිය සමග කාලයක් තිස්සේ අදාල තරුණය සමග පේ‍්‍රම සම්බන්දතාවයක් පවත්වා ඇති අතර එයට දැරියගේ මව විරුද්ධ නිසා පාසැල් දැරිය පෙම්වතාගේ නිවසට ගොස් පදිංචිවී තිබේ.

මේ පිළිබඳව ළමා හා කාන්තා කාර්යංශයට ලද පැමිණිල්ලක් මත ගිනිගත්හේන පොලීසිය මගින් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී දැරිය පවසා ඇත්තේ පෙම්වතාගේ නිවසේ රැදීසිටි කාලය තුළ තමාව අවස්ථා කීපයකදීම පෙම්වතා විසින් අපයෝජනයට ලක් කළ බව යි.

මව්වරුන් දෙදෙනා ද අපයෝජනයට ලක්කිරීමට අනුබලදීමේ චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් හැටන් දිසා විනිසුරු හා මහේස්ත‍්‍රාත් අයි.පී.ඞී ලියනගේ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ මස 9 වෙනි දින දක්වා රක්ෂීත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

දැනට පොලිස් භාරයේ සිටින පාසැල් දැරිය හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කර ළමා නිවාසයක භාරයේ තැබීමට කටයුතු කරන බවයි ගිනිගත්හේන පොලීසිය පවසයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>