දින තුනේ බිළිඳා වළදැමූ මව සහ මිත්තණිය අත්අඩංගුවට

null

දින තුනක් වයසැති තම කුඩා දරුවා සිය නිවෙස පිටුපස වළක්‌ කපා වළදැමූ බව කියන මවක් වැලිකන්ද මලින්ද මහවැලි ගම්මානයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ දින තුනක් වයසැති මෙම බිළිදා නිවස පිටුපස වළලා ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරක් මත ඒ පිළිබද විමර්ශන ආරම්භ කළ බවයි.

ඊයේ (09 ) දහවල් එම බිළිඳු මළ සිරුර ගොඩ ගනු ලැබූ අතර ඒ පිළිබඳව පශ්චාත් මරණ පරීක්‍ෂණයක්‌ පවත්වන ලෙස පොලොන්නරුව මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට මනම්පිටිය වැඩබලන මහෙස්‌ත්‍රාත් සන්ධ්‍යා කුමාරි කරුණාසේකර මහත්මිය නියෝග කර තිබේ.

මෙම අපරාධය සඳහා අනුබලදී ඇති බවට සැකපිට මෙම කාන්තාවගේ මවද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මවගේ වයස අවුරුදු 22ක් වන අතර, මිත්තණියගේ වයස අවුරුදු 58ක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>