දින 100න් විධායක ජනපති ක්‍රමය අහෝසි කරනවා

null

විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස තමා ඉදිරිපත් වෙන බව පවසමින් මෛත්‍රීපාල සිරියේන මහතා අද සවස කොළඹදී මාධ්‍ය හමුවක් පැවැත්වුවේය. එහිදී මාධ්‍ය ඇමතු ඔහු කියා සිටියේ තමන් ජනපති ධූරයට පත්වූ පසු දින 100කින් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවය.

එමෙන්ම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා ලෙස පත් කරන බවද 18 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බලාත්මක කිරීම වරදක් බවත්, ඒ අනූව 17 වැනි සංශෝධනය නැවත වලංගු කරන බවත්, ඇමතිවරයා කීවේය.

දැන් තිබෙන ආණ්ඩුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් නොව එක පවුලක් විසින් සියල්ල තීරණය කරන තත්ත්වයක් බවත් ආණ්ඩුවේ තවත් සහෝදර ඇමතිවරු පිරිසක් ඉදිරියේදී තමන්ට සහාය දක්වන්නට එක්වනු ඇති බවත් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන මහතා පැවසුවේය.

රටේ ඉහවහා ගොස් ඇති දූෂණය වංචාව නැති කර සාධාරණත්වය සහ යුක්තිය ඇති කිරීමේ වැඩපිළිවෙළක් ඇති කරන බවද, සෑබැ මාධ්‍ය නිදහසක් තමන් මෙරට ඇති කරන බවද, මාධ්‍යවේදියෙකුට නිදහසේ සිය රැකියාව කරගෙන යාමට අවශ්‍ය වටපිටාව හදා දෙන බවද, පොලීසියට, රාජ්‍ය සේවයේ නියුතු සියලුදෙනාට දේශපාලන බලපෑම්වලින් තොරව කටයුතු කරගෙනයාමට අවශ්‍ය වාතාවරණය රට තුළ සකස් කරන බවද හෙතෙම කියා සිටියේය.

මේ නිසා ඔබේ ගෞරවනීය ඡන්දය රටට බරපතළ ඛේදවාචකයක් බවට පත්ව ඇති විධායක ජනපති ධූරය අහෝසි කිරීමට භාවිතා කරන්නැයි ඉල්ලා සිටින බවද අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා පැවසුවේය.

අවසාන වශයෙන් ඔහු පවසා සිටියේ මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා ගැන තමන්ට ‍විශ්වාසයක් ඇති බවත් නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට ඔහු කටයුතු කරනු ඇති බවට තමා විශ්වාස කරන බවතිය.

එමෙන්ම මෙම කාර්යබාරය සඳහා කැපවුණු අතුරලියේ රතන හිමියන් මාදුළුවාවේ සෝහිත නාහිමියන්, එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාද හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ද සෙසු සහෝදර පක්ෂ නායකයින්ද හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා මහතාගේ සහායද අති විශිෂ්ඨයි පැවසු ඔහු ඔවුන්ට ස්තුතිය පුද කළේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>