18 Apr 2015
දින 3 කදී දක්ෂිණ අධිවේගයෙන් මිලියන 30ක්
ගතවූ දින 3 ඇතුළත දක්ෂිණ අධිවේගි මාර්ගයේ ගමන් ගත් වාහනවලින් රුපියල් මිලියන 30ක ආදායමක් උපයාගැනීමට හැකිවී තිබෙන බව හිරු නිව්ස් වාර්තා කරයි.
සිංහල සහ දෙමළ අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යෑම සඳහා ජනතාව වැඩි වශයෙන් එම මාර්ගය භාවිතා කර ඇති බව මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සඳහන් කර තිබේ.
පසුගිය දින 3 ඇතුළත පමණක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන 90 000 ක් පමණ එලෙස ගමන් කර ඇත.