04 Jan 2015
දිවි පරදුවට තබා ඡන්ද ප්රචාරයේ
දංකොටුව යෝගියානේ ප්රදේශයේ පුද්ගලයෙක් මහින්ද රාජපක්ෂ මහතාට ජය පතා ඔහුගේ ඡායාරූපයක්ද අතැතිව දෑත් හා දෙපා ගැට ගසා මා ඔයේ තෝප්පුව පාලම අසල ජලයේ බැස පැයක පමණ කාලයක් පාවෙමින් ගත කර තිබේ.
මෙම ක්රියාවේ යෙදී ඇත්තේ තිදරු පියෙකු වන 72 හැවිරිදි පීටර් අප්පුහාමි මහතා ය.
මෙම අවස්ථාව දැක බාලා ගැනීමට විශාල පිරිසක් මා ඔයඅසලට පැමිණ සිට තිබේ.
ඡයාරූප – ලංකාදීප/අද