30 Nov 2015
දුම්රියට පානින්න ආ අයෙක් අවසන් මොහොතේ බයවුණු හැටි
ඊයේ (29) උදෑසන 11.52 ට පමණ පානදුර ප්රදේශයේ දුම්රිය මාර්ගයක් වෙත පැමිණි පුද්ගලයෙකු දුම්රියට පනින්නට දැරූ උත්සාහයක් අවසන් මොහොතේ වැළකීයාමේ සිද්ධියක් අසල තිබු CCTV කැමරාවක සටහන් වී තිබේ.
දුම්රිය ඔහු ඉදිරිපිටට පැමිණෙද්දී නොසෙල්වී බලා සිටි ඔහුට එතැනින් ඉවත්වන්නැයි අවට සිටි අය කෑගසමින් ඉල්ලා සිටියත් ඔහු එය ගණන් නොගෙන දුම්රිය මාර්ගයේ සිටගෙන සිට ඇත.
තරමක් මද වේගයෙන් දුම්රිය පැමිණි නිසා ඈත සිට දුම්රිය රියදුරු සිද්ධිය දැක තිරංග තද කර තිබුණ අතර දුම්රිය එම පුද්ගලයාට ආසන්න වනවාත් සමගම ඔහු රේල් පාරෙන් ඉවතට පැන තිබුණි.
කෙසේ වෙතත් දුම්රියද ඒ මොහොතේ නතර වී ඇත. මොහු බීමතින් සිටි පුද්ගලයෙකු බවත් එම අවස්ථාවේ දුම්රියට පනින්නට උත්සාහ කළ බවත් පසුව අනාවරණය විය.