21 Feb 2015
දුම්රියේ ගැටී පියා සහ දියණිය මරුට
මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ පොඩිමැණිකේ සීග්‍රගාමී දුම්රියේ ගැටී පියෙකු සහ දියණියක ජීවිතක්ෂයට පත්වී තිබේ.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ උඩුනුවර, පානබොක්ක ප්‍රදේශයේ පදිංචි යුධ හමුදා සාමාජිකයෙකු වන 44 හැවිරිදි නිශාන්ත අබේකෝන් සහ ඔහුගේ 10 හැවිරිදි දියණිය වන විදූෂි දුල්මිණි ය.
ඔවුන් අද උදෑසන 8ට පමණ නිවසින් පිටව ගොස් තිබෙන්නේ දියණිය ශිෂ්‍යත්ව උපකාරක පන්තියකට සහභාගී වීම කරවීම සඳහා ය.
මොවුන් අද පෙරවරුවේ මහනුවර – අධිකරණ සංකීර්ණය අසළ දුම්රිය මාර්ගයේ ගමන් කරමින් සිටියදී මෙලෙස අනතුරට ලක්ව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.
දුම්රියේ ගැටුණු පියා එම ස්ථානයේදී ම මිය ගොස් ඇති අතර දියණිය මහනුවර රෝහලට අතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් තිබේ.