දුම්රිය අනතුරකින් එකම පවුලේ 4ක් මරුට

රාගම, බටුවත්ත ප්‍රදේශයේදී කැබ් රථයක් දුම්රියක ගැටීමෙන් සිදුවු අනතුරකින් එකම පවුලේ පුද්ගලයින් සිව් දෙනෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා තිබේ.

අද පස්වරු 2.20 ට පමණ ප‍්‍රධාන දුම්රිය මාර්ගයේ රාගම – බටුවත්ත දුම්රිය ස්ථානය ආසන්නයේදී එම කැබ් රථය වවුනියාව බලා ධාවනය වෙමින් තිබූ දුම්රියේ ගැටීමෙන් අනතුර සිදුව තිබේ.

අනතුරකින් එකම පවුලේ පියා, පුතුන් දෙදෙනා සහ දියණිය මියගිය අතර තුවාල ලැබූ මව සහ තවත් දියණියක මේ වනවිට රාගම රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටි. ඔවුන් මීගමුව, වෑහුලූපිටිය ප‍්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර රාගම ප‍්‍රදේශයේ ඥාති නිවසක් බලා යමින් සිටියදී ඔවුන් මෙලෙස අනතුරට ලක්වී ඇත.

දුම්රිය හරස් මාර්ගයේ නතර කර තිබු කැබ් රිය එක් දුම්රියක් කොළඹ දෙසට ගමන් කිරීමෙන් පසු සංඥා නොතකා ප‍්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කිරීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේදි කොළඹ සිට වවුනියාවට ගමන් කළ රජරට රැජින දුම්රියේ එය ගැටී ඇත.

සිද්ධිය ඇසින් දුටුවෙකු නෙත් නිව්ස් වෙත මෙලෙස විස්තර කර තිබේ.

“දෙකයිහමාරට විතර පොඩි වැඩක් කර කර හිටියේ මම. කොළඹට කෝච්චියක් ගියා. කොළඹට ඒක යනකොට ස්ලෝව් එකක් ගියේ නවත්තලා. ඒ එක්කම කොළඹ ඉදල ගියා එකක් වවුනියාව යන එක. මේ කට්ටිය කොළඹ එක ගියාට පස්සේ හිතන්න ඇති කොච්චි ගිහිල්ලා ඉවරයි කියලා. එතකොට බෙල් එක වැදුනා. ලයිටුත් පත්තු උණා. එකපාරටම මෙයාලා දැම්මා. එතකොට එන කෝච්චිය හොදටම හෝන් ගැහුවා. සෑහෙන්න උත්සාක කළා වේගය අඩුකර ගන්න. එතකොට දාලා ඉවරයි. හෝන් ගැහුවෙත් ඉක්මනට ගන්න කියලා. එයාලට ගන්න වෙලාවක් මං හිතන්නේ තිබුනේ නැහැ . වාහනය එක්කෝ නැවතුනා මැද. ඊට පස්සේ තමයි එහෙම්ම පෙරලුණේ.”

null
null
null
null
null
null


null

pics – anura s.liyanage

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>