30 Apr 2015
දුම්රිය පාපුවරුවෙන් අවසන් ගමන් යයි
කොළඹ සිට වවුනියාව බලා ධාවනය වූ දුම්රියේ පා පුවරුවේ ගිය තරුණයින් දෙදෙනෙකු මී ඔය පාළමේ ගැටී මී ඔයට වැටී මියගොස් තිබේ.
මෙලෙස මියගොස් ඇත්තේ රාගම සහ අනුරාධපුරය ප්රදේශවල පදිංචි අවුරුදු 16 සහ 22 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකි.
මාතර සිට වවුනියාව දක්වා ධාවනය වෙමින් තිබූ රජරට රැජින දුම්රියේ මෙම තරුණයින් දෙදෙනා ගමන් කර තිබේ. ගල්ගමුව – අඹන්පොල දුම්රිය ස්ථාන අතර මීඔය පාලම පිහිටා ඇති අතර, තරුණයින් දෙදෙනා පාලමේ ගැටී මී ඔයට වැටී ඇති බවයි පොලීසිය සඳහන් කරයි.
ඔවුන්ගේ මළ සිරුරු මේ වන විට ගල්ගමුව රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබේ.