දුම්රිය වර්ජනය නවතයි

null

දින 3කට ආසන්න කාලයක් කි‍්‍රයාත්මක වූ දුම්රිය වර්ජනය හේතුවෙන් අපහසුතාවයට පත්වූ මගීන් තුන්දෙනෙකු ගොනු කළ පෙත්සමක් විභාගයට ගත් කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම දුම්රිය වර්ජනය අත්හිටුවාලමින් ඊයේ දහවල් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

මෙම වාරණ නියෝගය දින 14 කට බල පැවැත්වෙන පරිදි නිකුත් කර ඇත.

ඒ අනුව අධිකරණ නියෝගයට ගරු කරමින් තමන් විසින් ආරම්භ කළ වර්ජනය අතහැර යළි සේවයට වාර්තා කරන බව වර්ජනයට එක්ව සිටි දුම්රිය වෘත්තීය සමිති පවසයි. අද පෙරවරු 7 සිට සාමාන්‍ය පරිදි රාජකාරී කටයුතුවලට වාර්තා කරන බව වර්ජනයේ නිරත දුම්රිය වෘත්තීය සමිති සදහන් කළා.

දින 3ක් පුරා ක්‍රියාත්මක වූ වර්ජනය හේතුවෙන් මගින් දැඩි අපහසුතාවයට ලක්වී අතර ඇතැම් දුම්රිය ස්ථානවලට පොලිස් ආරක්ෂාව ද යොදා තිබුණේ දුම්රිය ස්ථානවල සම්පත් ආරක්ෂා කර ගැනීමටයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>