දුම්වැටි දවටනවල 80%ක රූපමය අවවාද යෙදීමේ පනත සම්මතයි

null

දුම්වැටි අසුරනවල රූපමය අවවාද 80%ක් දක්වා වැඩි කෙරෙන දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී ඊයේ සම්මත වී තිබේ.

මීට පෙර ද මෙම නීතිය කි‍්‍රයාත්මක කිරීමට එවකට සෞඛ්‍ය අමාත්‍ය වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන උත්සාහ කළ අතර එහිදී දුම්කොළ සමාගම අධිකරණය හමුවට ගියේය. පසුව අධිකරණය තීරණය කළේ දුම්වැටි දවටනවල රූපමය අවවාද 60%ක් විය යුතු බවටයි.

කෙසේ වෙතත් වසර ගණනාවක් තිස්සේ කල්යමින් තිබුණු මෙම කෙටුම්පත මෙලෙස සම්මත කරගැනීමට හැකි වීම රට ලැබුූ ජයග‍්‍රහණයක් බවයි ආණ්ඩුව ප‍්‍රකාශ කරයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>