දුමින්දට ඉඩදෙනවා දැයි සාකච්ඡා

null

හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා මහතාට සහ බස්නාහිර පළාත් සභා මන්ත‍්‍රීනි සමන්මලී සකලසූරිය මෙනෙවියට නාමයෝජනා ලබාදීම සම්බන්ධයෙන් එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ තවදුරටත් සාකච්ඡා පවත්වයි.

එක්සත් ජනතා නිදහස් සන්‍ධානයේ සිටි ප්‍රබලයින් 4 දෙනෙකු වන සජින් වාස් ගුණවර්ධන, දුමින්ද සිල්වා, මර්වින් සිල්වා හා සරණ ගුණවර්ධන යන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට නාමයෝජනා ලබානොදීමට එම පක්ෂය තීරණය කර තිබුණි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ප්‍රකශ කලේ වංචා දුෂණ වලට සම්බන්ධ කිසිවෙකුට මෙවර නාමයෝජනා ලබානොදෙන බවයි.

කෙසේ වෙතත් ඊයේ (10) දුමින්ද සිල්වා මහතාට නාමයෝජනා ලබාදෙන ලෙස ඉල්ලමින් පිරිසක් කොළඹ ඩාර්ලි පාරේ පිහිටි ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මූලස්ථානය ඉදිරිපිට උද්ඝෝෂණය කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>