දුමින්ද අත්අඩංගුවට ගැනීමට තවමත් සාක්ෂි මදි

null

වෙලේසුදා විසින් හෙළි කළ කරුණු මත පදනම්ව පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් සිදුකරන ලදී.

ඒ අනුව පසුගිය 10 වැනිදා සිට දින 3ක් පැය 20ට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවූ දුමින්ද සිල්වාගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා පවසා ඇත්තේ මේ වන විට ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් අවසන් කර ඇති බව යි. ඒ අනූව ඔහුගෙන් ලබාගත් ප්‍රකාශ මත පදනම්ව ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බව ඒ මහතා සඳහන් කල බව දෙරණ නිව්ස් වාර්තා කරයි.

බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනවිය පෙරේදා මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කර සිටියේ දුමින්ද සිල්වාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීම හැරුණු විට ඔහු අත්අඩංගුවට නොගැනීම ගැටළු සහගත බවයි.

මේ පිළිබඳව අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් ‍රෝහණ මහතා කියා සිටියේ සැකකරුවෙකු ලෙස අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ පමණින් සාක්ෂි නොමැති වූ විට උසාවිය ඔහුට ඇප නියම කරනු ඇති බවත්, මේ නිසා අවශ්‍ය කරන සියලු සාක්ෂි ද සහිතව සැකකරු අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර දීර්ඝ නඩු විභාගයකින් පසුව ඔහුව වැරදිකරු ද නිවැරදිකරු ද යන්න තහවුරු කර ගැනීම වැදගත් බවත් ය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>