13 Jul 2015
දුමින්ද-මර්වින්-සරණ-සජින්ට නාමයෝජනා නෑ
මෙවර මහමැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ශ්‍රීලනිප ප්‍රබලයින් සිව්දෙනෙකුට නාමයෝජනා ලැබී නැත.
ඒ අනුව සජින් ද වාස් ගුණවර්ධන,මර්වින් සිල්වා,සරණ ගුණවර්ධන,හා ආර්.දුමින්ද සිල්වා යන සිව්දෙනාට නාමයෝජනා ලැබී නොමැති බව එජනිස මහලේකම් සුසිල් ප්‍රේමජයන්ත් මහතා පවසයි.
අදාළ නාමයෝජනා සකස් කෙරුණේ කිසිදු පාර්ශ්වයක බලපෑමකට යටත් වී නොවන බවයි ඔහු අවධාරණය කර තිබේ.
කොළොන්නාවේ පිරිසක් උද්ඝෝෂණයක් කරමින් ඉල්ලා සිටියේ දුමින්ද සිල්වාට නාමයෝජනා ලබාදෙන ලෙසත්, එසේ නොමැති වුවහොත් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් ද වැලකි සිටින බවත් ය. එම පිරිස ශ්‍රීලනිප පක්ෂ කාර්යාල අසලටම ගොස් මෙලෙස උද්ඝෝෂණය සිදු කර ඇත.
කෙසේ වෙතත් ඔහුට නාමයෝජනා ලබා නොදීමට ගත් තීරණය එජනිස විසින් වෙනස් කර නොමැත.