19 Nov 2015
දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක්
හෙට (20) ඉදිරිපත් කෙරෙන අයවැයෙන් දුරකථන ගාස්තු වැඩි කිරිමේ සූදානමක් ඇත්දැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සැක පළ කරන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
එහි සභාපති රංජිත් විතානගේ මහතා පවසා ඇත්තේ මෙම අයවැය තුළින් දුරකතන ගාස්තු මිල වැඩි කිරීමට මෙන්ම ජනතාවට වයි-ෆයි පෙන්වා ඩේටා මිල වැඩි කිරීමට හෝ ලබාදෙන ඩේටා ප්‍රමාණය අඩු කිරීමේ සැලසුමක්ද ඇති බවට අනාවරණය වූ බවයි.
ඉහළ යමින් තිබෙන බඩු මිල පාලනය කිරීමට ආණ්ඩුවට කැපී පෙනෙන උවමනාවක් නැතැයිද මෙහිදී ප්‍රකාශ කර තිබේ.
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතා මෙම අදහස් පළ කළේ කොළඹ ඊයේ (18) පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.