දුවගේ මරණය සැක සහිතයි මවගේ කීමට දේහය නැවතත් ගොඩගනී

null

මීට වසර එක හමාරකට පෙර නාත්තන්ඩිය ප්‍රදේශයේදී මියගිය එක්දරු මවකගේ දේහය ඊයේ (09) නැවතත් ගොඩගනු ලැබ තිබේ. ඇයගේ මරණය සැක සහිත බවට මව විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව ඇගේ දේහය එලෙස ගොඩගෙන තිබේ.

නාත්තණ්ඩි වතුගහමුල්ල ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි ශිවන්ති කුමාරි මහත්මිය 2013 වසරේ ඔක්තෝම්බර් 13 වෙනිදා මියගොස් ඇත්තේ මාස 4 කට ආසන්න කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබා ගනිමින් සිටින අතරතුරයි.

තම දියණියගේ සැමියාගේ අනියම් සම්බන්ධතා හේතුවෙන් දියණිය සහ ඔහු අතර නිතර අඩදබර ඇති වූ බව මව සඳහන් කර ඇත. එමෙන්ම ශිවන්ති මියගිය පසු සැමියා විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් අනවශ්‍ය බව පවසමින් රැගෙන විත් අවසන් කටයුතු සිදු කළ බව ඇයගේ මව සඳහන් කර ඇත.

ඇගේ මරණය සැක සහිත බව පවසමින් ප්‍රේමලතා මහත්මිය මාරවිල අධිකරණයේ නඩුවක් ගොනු කළ අතර එහිදී නියෝග කොට ඇත්තේ දේහය නැවත ගොඩ ගත යුතු බවයි. ඒ අනුව ඊයේ (09) ශිවන්ති මහත්මියගේ දේහය නැවත ගොඩගෙන තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>