දූෂකයාට දුන් පිහි පහර පියාට මරුකැඳවයි

aluthkade murder01

කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිට දී කෙනෙකුට තියුණු ආයුධයකින් පහරදී තවත් දෙදෙනෙකුට තුවාල සිදුකල පුවතක් ඊයේ (25) වාර්තා වුනා. මෙලෙස පහරදී ඇත්තේ තම දියණියට අතවර කළ තරුණයෙකුට අදාළ දියණියගේ පියා විසින් බවත්, එහෙත් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තරුණයාගේ පියා බවත් සඳහන් වෙයි.

නඩු විභාගයක් සඳහා අධිකරණයට පැමිණි දෙපාර්ශවයක් අතර හටගත් ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම ඝාතනය සිදුව තිබේ.

ඝාතන චෝදනා එල්ලවී ඇති සැකකරු විසින් මෙලෙස තියුණු ආයුධයකින් පහරදී ඇත්තේ මීට දින කිහිපයකට ඉහතදී තම 17 හැවිරිදි බාලවයස්කාර දියණියට බරපතළ ලිංගික අතවර සිදුකොට අනතුරුව එකී ඡායාරූප අන්තර්ජාලයට යොමුකරන බවට තර්ජනය කොට රු.12,000 ක මුදලක් කප්පමක් ලෙස ඉල්ලූ තරුණයෙකුටය.

තම දියණිය හා ලිංගික අපචාර සිදුකළ තරුණිය අතර සමාජ ජාල වෙබ් අඩවි හරහා ඇති කරගත් දැන හැඳුනුම්කම මත සම්බන්ධයක් ඇතිවී තිබුණු බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස මොරටුව ප්‍රදේශයේ පදිංචි තරුණයා තම දියණිය හමුවී ඇය හෝටලයකට කැටුව ගොස් පසුව මත්පෙති විශේෂයක්දී ඇය නිරුවත් කොට දූෂණය කර ඇති බවත් ඝාතන චෝදනා එල්ලවී ඇති පියා පොලීසියට පවසා තිබේ.

පසුව එදින මෙම 17 හැවිරිදි දැරිය නිවසට පැමිණි පසු ඇය දූෂණයට ලක් කළ 25 හැවිරිදි තරුණයා පවසා ඇත්තේ තමන් හා ලිංගිකව හැසිරෙන වීඩියෝ දසුන් ඇති බැවින් රු.12,000 ක මුදලක් නොදුන්නහොත් ඒවා අන්තර්ජාලයට මුදාහරින බවයි.

එම සිද්ධියෙන් බියට පත්වූ දැරිය සියල්ල තම පියාට පවසා ඇති අතර අනතුරුව දෙදෙනාම කොටහේන පොලීසියට ගොස් ඒ පිළිබඳ පැමිණිල්ලක් සිදුකර තිබේ.

අදාළ පැමිණිල්ලට අනුව තරුණයා පොලිස් අත්අඩංගුවට පත්ව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කොට ඊයේ (25) දින යළි නඩුව විභාගයට ගත් අවස්ථාවේදී සැකකාර තරුණයා ඇප පිට නිදහස ලබා ඇති බව සඳහන්ය.

ඒ අනුව සැකකාර තරුණයා තම පියා හා සොහොයුරිය සමග පිටව යාමේදී මහේස්ත්‍රාත් අධිකරණය ආසන්නයට ඒ පසුපසින් පැමිණ ඇති දියණියගේ පියා සඟවා සිටි තියුණු ආයුධයක් එළියට ගෙන තම දියණියගේ ජීවිතය විනාශ කළ තරුණයාට පහරදී ඇත.

තරුණයාට පහරදෙන විට බේරාගැනීමට ඉදිරියට පැමිණි ඔහුගේ පියාට බරපතල තුවාල සිදුවී ඔහු ජිවිතක්ෂයට පත්වී ඇත. මෙම සිද්දියෙන් තරුණයාත් ඔහුගේ සොයුරියත් තුවාල සිදුවී ඇති අතර මේ වන විට ඔවුන් ප්‍රතිකාර ගනිමින් සිටින බව වාර්තා වේ.

කෙසේ වෙතත් අදාළ ඝාතනය සිදුකළ පුද්ගලයා මේවන විට පොලිස් අත්අඩංගුවට පත්ව තිබේ.

aluthkade murder02

aluthkade murder03

aluthkade murder04

ඡායාරූප – ලංකාදීප

Comments

comments

Comments

  1. By name

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>