දූෂණයට ලක්වු බව කියන කතක් ගාලුමුවදොර වැටී සිටියදී මන්ත්‍රීට හමුවූ වීඩියෝව

null

ගාලුමුවදොර පිටියේ මහ වර්ෂාව මැද දින දෙකක් තිස්සේ බිම වැටී සිටි කාන්තාවක් බොහෝ දෙනා මග හැරයද්දී එම කාන්තාවට සිදුව ඇති කරදරය ගැන සොයාබැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු උත්සාහ කරන වීඩියෝවක් මේවන විට අන්තර්ජාලයට මුදාහැර තිබේ.

මෙම ස්ථානයට පැමිණෙන්නේ පාලිත තෙවරප්පෙරුම මන්ත්‍රීවරයා යි. ඔහු ගලධාරි හෝටලයේ පැවති තම මිතුරෙකුගේ විවාහ උත්සවයකට සහභාගී වී ගලුමෝදර පිටියට පැමිණ ඇත්තේ කලක පටන් හිතවත් එහි සිටින වෙළඳ ව්‍යාපාරිකයෙකු හමුවීම සඳහා යි.

එම අවස්ථාවේ වැස්සට තෙමෙමින් කිසිදු හව්හරණක් නොමැතිව ගාලුමෝදර පිටියේ බිම වැතිර සිටින කාන්තාව දුටු ඔහු ඇය අසලට ගොස් මෙම කාන්තාව මුහුණ පා සිටින කරදරය ගැන විමසා තිබේ.

එහෙත් කාන්තාව මුණින් අතර වැටී මහපොළොවේ වැසි වැටෙද්දී කිසිත් නොකියා සිටින අතර රැස්ව සිටි පිරිස සඳහන් කලේ පොලිසිය දැක දැකත් අහක බලාගෙන ගිය බවයි.

පසුව මන්ත්‍රීවරයා අසල සිටි පිරිසගේද සහයෙන් එම කාන්තාවට ආහාරපාන ලබාදීමට කටයුතු කරන අතර ඉන් අනතුරුව ඇය තමන්ට සිදුව ඇති කරදරය හෙළි කර තිබේ.

ඒ අනුව හම්බන්තොට සිට පැමිණි බවත් තමන් සේවය කල ස්ථානයේ අයිතිකරු තමන්ව දුෂණය කළ බවත් මෙම කාන්තාව සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>