14 Jul 2015
දූෂණයෙන් තොර පාලනයක් බිහිකිරීමට කැපවෙනවා
දූෂණයෙන් තොර පාලනයක් බිහිකිරීම සඳහා කැපවන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඔහු මේ බව ප්රකාශ කලේ ඊයේ(13) පස්වරුවේ කුරුණෑගල ප්රදේශයේ පැවති ආගමික උත්සවයකට එක්වෙමින්.
ඔහු පෙන්වා දෙන්නේ රටේ ඒකීය භාවය වෙනුවෙන් කැපවී කටයුතු කිරීමට තමා සහ තම පක්ෂය සූදානම් බවයි.
එමෙන්ම මෙරට දූෂණය, වංචාව පිටුදැකීම සදහා සාමකාමී මැතිවරණයකට මුලපුරන බවද හෙතෙම සඳහන් කර තිබේ.