දූෂණය කරද්දී කෑගැහුවේ නැත්නම් මරන්නේ නෑ

null

2012 වසරේ දිල්ලියේදී ධාවනය වෙමින් තිබූ බස් රථයක් තුළදී ඉන්දීය ශිෂ්‍යාවක් සමූහ ලෙස දූෂණය කිරීමේ සිද්ධියේ චෝදනා ලැබ මරණ දඩුවමට ලක්ව සිටින මුකේෂ් සිං නැමැත්තා ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.

මේ හේතුවෙන් ඉන්දියාව කැළඹී තිබෙන අතර බොහෝ පුද්ගලයින් පාරට බැස මෙයට විරෝධය පලකරන ලදී.

දිල්ලි සමූහ දූෂණය අලලා සකස් කළ චිත‍්‍රපටයකට ඔහු මෙලෙස අදහස් දක්වා තිබෙන අතර දිල්ලි අධිකරණය ඉකුත් දා අදාළ චිත‍්‍රපටය මාධ්‍ය හෝ අන්තර්ජාලය ඔස්සේ හෝ විකාශය කිරීම සහ ඊට අදාළ සියලූ සාකච්ඡාවලට ද වාරණයක් පනවනු ලැබ තිබේ.

මෙහිදී අදාල දුෂණ සිද්ධියට සම්බන්ධ මුකේෂ් සිං නැමැත්තා අදහස් දක්වා තිබෙන්නේ පහත අයුරිනි…

“වැදගත් ගැහැණු ළමයෙක් රාත්‍රී 9 ට මේ විදිහට ඇවිදින්න යන්නේ නැහැ. දූෂණ සිද්ධියක දී එහි වගකීම වැඩියෙන් පැවරෙන්නේ කොල්ලෙකුට වැඩිය කෙල්ලෙකුට, ගෙදර වැඩ ආදිය ගැහැණු ළමයින්ට අයිති වැඩ. නොගැලපෙන ඇඳුම් ඇඳගෙන රෑට ඩිස්කෝ වලයි බාර්වලයි ගැවසෙමින් වැරදි වැඩ කරන එක නොවෙයි. ගැහැණු ළමයින්ගෙන් සියයට 20 විතර හොඳ අය”

මිනිසුන් විසින් එවැනි අයට පාඩමක් ඉගැන්විය යුතු බවට අදහස් දැක්වූ මුකේෂ් සිං කාන්තාව එවැනි තත්වයන් විඳ දරා ගත යුතු බව පවසයි.

“දූෂණයට ලක් වෙන කොට ඇය එයින් ගැලවෙන්න උත්සාහ නොකළ යුතුයි. නිශ්ශබ්දව ඊට ඉඩ දෙන්න ඕනැ. එහෙම කළා නම් ඔවුන් ‘වැඩේ ඉවර කරලා’ ඇයව බස් එකෙන් ඉවතට දමල යාවි. ඇගේ මිතුරාට විතරක් පහර දේවි, මරණීය දඬුවම මගින් සිද්ධ වන්නේ ගැහැණු ළමුන් තවදුරටත් භයානක තත්වයකට ඇද දැමීම. එතකොට ඔවුන් දූෂණය කරලා තරුණියන් පණ පිටින් තියල යන එකක් නැහැ. අපි කළා වගේ මරලා දමාවි. දැන් සිද්ධ වන්නේ මෙහෙමයි. දූෂණය කරලා ඉවර වෙලා ඔවුන් කියන්නේ ඔහේ ඉන්න ඇරපන් ඇය කාටවත් කියන එකක නැහැ කියල. මරණ දඬුවම හින්ද, ඔවුන්, විශේෂයෙන් අපරාධකාරයෝ කරන්නේ දූෂණය කරලා තරුණිය මරල දාන එක”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>