දෙපිරිසක් අතර ගැටුමකින් 17හැවිරිදි තරුණයෙක් මරුට

null

ඇටම්පිටිය නගරයේදී දෙපිරිසක් අතර ඇති වූ ආරවුලක් දුරදිග යාමෙන් පිහියකින් ඇන පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. පිහි ඇනුමෙන් මියගොස් ඇත්තේ හාලිඇල උඩගම දීගල්ල ප‍්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි තරුණයෙක්.

පිහි ඇනුමෙන් බරපතළ තුවාල ලැබූ එම පුද්ගලයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලිසිය පවසයි.

ඝාතනයට යොදාගත් පිහිය සමග ඝාතනය සිදුකළ පුද්ගලයා ද පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු ද තුවාල ලබා පොලිස් ආරක්ෂාව යටතේ ඇටම්පිටිය රෝහලේ ප‍්‍රතිකාර ලබයි.

අවුරුදු 32ක් වන එම සැකකරු ඌවහයිලන්ඞ් වතුයායේ පදිංචිකරුවෙක්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>