දෙබිඩි දරුවන් වෙන් කිරීමේ ප්‍රථම ශල්‍යකර්මය

null

ගාල්ල – කරාපිටිය ශීක්ෂණ රෝහල ප්‍රථම වරට දෙබිඩි දරුවන් වෙන් කිරීමේ ශල්‍යකර්මයක් පසුගිය 19 වනදා සිදු කළේය. සැත්කම සදහා විශේෂඥ වෛද්‍යවරු 15 දෙනෙකුගෙන් යුක්ත වෛද්‍ය කණ්ඩායමක් සහභාගි වී තිබේ.

එම විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායම පවසන්නේ පුරා පැය හයක් තිස්සේ කරණු ලැබූ දරුවන් වෙන් කිරිමේ සැත්කම සාර්ථක බව යි.

මෙම දෙබිඩි දරුවන් දෙදෙනා 2015 මාර්තූ මස 11 වැනි දින ගාල්ල මහ මෝදර රෝහලේදි උපත ලැබිය. ඒ අක්මිමන කූරුදුවත්ත චීන මිත‍්‍රත්ව ගම්මානයේ පදිංචි ආශා දමයන්ති නැමති මවටය. පසුව මෙම දෙබිඩි දරුවන් දෙදෙනා ශල්‍යකර්මයට භාජනය කරණ තෙක්මද ගාල්ල කරාපිටිය ශික්‍ෂණ රෝහලේ ළමා දැඩිසත්කාර ඒකකයේ ප‍්‍රථිකාර ලැබිය.

තිවන්කි සහ තිලෝකි නම් මෙම දරු දෙදෙනා වෙන් කිරීමෙන් පසු මින් එක් දරුවෙක් වන තිලෝකි ජිවත් කිරිමට හැකි තත්වයේ සිටින බවත්, තිවන්කි ජිවත් කිරිමට නොහැකි තත්වයේ පසුවන බවත් වෛද්‍යවරු පවසයි.

නෙත් නිව්ස් වාර්තා කරන පරිදි දැනට ජිවත්ව සිටින දරුවා මැෂිමක ආදාරයෙන් ආශ්වාස ප‍්‍රශ්වාස කටයුතූ කරන අතර එම දරුවා ජිවත් කළ හැකි බවට වෛද්‍යවරු විස්වාස පල කරයි. මෙම දරුවාගේ සිරුරේ තිබු අසාමාන්‍ය තත්වයන් සාමාන්‍ය තත්වයට පත්කිරිමට හැකිවු බවද සැත්කමට එක්වු ශල්‍ය වෛද්‍යවරු පෙන්වා දෙයි. එම දරුවාගේ බඩවැල්වල අක්මාවේ හා නහරවල හා සුසුම්නාවේ සැත්කම් සාර්ථකව සිදුකර ඇති බවයි වෛද්‍යවරු පවසයි.

දෙබිඩි දරුවන් වෙන් කිරිමේ සැත්කම සදහා විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වන එස් කස්තූරි රංජුක උබේසිරි සතිස් විජයමාන්න උමාපති පුෂ්පකූමාර යන විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් හා ළමා රෝග පිළිබද විශේෂඥ වෛද්‍ය කපිලානි විතානාච්චි නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන් වන කේ. සරිහා කූරේ යන වෛද්‍ය කණ්ඩායම මේ සැත්කම සඳහා සදහා සහභාගී විය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>