07 Feb 2015
දෙමව්පියන් ඇස ඉවතටගත් මොහොතකදී දරුවෙකු මරුට
මව්පිය නොසැලකිල්ල හේතුවෙන් කුඩා දරුවන් විපතට පත්වූ අවස්ථා කිහිපයක්ම පසුගිය දිනවලදී අසන්නට ලැබුණි. එම ඛේදනීය මතකයන් මැකී යන්නටත් පෙර එවැනිම තවත් සිදුවීමක් මාතර – වැලිගම ප්රදේශයෙන් වාර්තා වේ.
මාතර – වැලිගම ප්රදේශයෙ පදිංචි දෙහැවිරිදි ඕෂධ සවිඳු නමැති මෙම කුඩා දරුවා තම දෙමව්පියන් සහ සහෝදරයන් සමග බණ්ඩාරවෙල චාරිකාවක් ගොස් එමින් සිටියදී මෙම අනතුරට මුහුණදී තිබේ.
ඔවුන් ගමන්ගත් ත්රීරෝද රථය තංගල්ල ප්රදෙශයෙදී නවත්වා ඇත්තේ තේ පානය කිරීමටයි. එම අවස්ථාවේ ඕෂධගේ සහෝදරිය මාර්ගයේ එක පසක සිට අනෙක් පසට ගමන් කර ඇති අතර එම දැරිය රැගෙන ඒම සඳහා පියා පසුපසින් ගොස් තිබේ.
මවද ඒ අසල සිටියත් ඕෂධ තම පිය පසුපසින් ගමන් කර තිබෙන අතර එම අවස්ථාවේ වේගයෙන් පැමිණි කැබ් රථයක් එම දරුවා යට කරගෙන පලාගොස් තිබේ. එම අවස්ථාවේම මෙම කුඩා දරුවා ජිවිතක්ෂයට පත්වී ඇත.