දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමට පූර්ණ සහය දෙනවා

null

දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සඳහා පූර්ණ සහයෝගය ලබාදෙන බවට අමෙරිකානු රාජ්‍ය ලෙක්ම් ජෝන් කෙරී මහතා පවසා තිබේ.

ඒ මහතා අද (03) දෙමළ ජාතික සංධානයේ නායක ආර. සම්බන්ධන් මහතා හමුවූ අවස්ථාවේ ඒ බව සඳහන් කර ඇත.

එහිදි මෙරට වත්මන් දේශපාල තත්ත්වය පිළිබද දීර්ඝ වශයෙන් සාකච්ඡා වු බව සුමරන්තිරන් මන්ත්‍රීවරයා සඳහන් කළේය.

රට තුළ පවත්නා නව දේශපාලන ප්‍රවණතාව පිළිබඳව සෑහිමකට පත්වන බවත්, ඉදිරියේදී දෙමළ ජනතාවගේ ඉල්ලිම් දිනා ගැනිමට එමඟින් අවස්ථාව ලබාගත යුතු බවත් ජෝන් කෙරී මහතා මෙහිදි ප්‍රකාශ කර තිබේ.

ශ්‍රී ලංකා නිල සංචාරය නිමකළ අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා අද දහවල් කෙන්යාව බලා පිටත්ව ගියේය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>