දෙමළ ඩයස්පෝරාව සහයෝගය දෙන්න කැමැත්ත පලකළා

null

දෙමළ ජාතිකයන්ගේ ජගත් දෙමළ සංසදය සමඟ සාකච්ඡා කිරීම ශ්‍රී ලංකා ජාතිය ගොඩනැගීමට රුකුලක් වන බව විදේශ ඇමති මංගල සමරවීර මහතා පවසයි.

දෙරණ නිව්ස් වාර්තා කරන පරිදි බීබීසී සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළකර තිබේ.

තවද ශ්‍රී ලාංකික ජාතියක් පිළිබඳව අවධානය යොමු කරන වකවානුවක දෙමළ ඩයස්පෝරාව සමඟ සාකච්ඡා කරමින් එම ජනතාව ආකර්ෂණය කර ගැනීම ඉතාම වැදගත් බව විදේශ ඇමතිවරයා එහිදී පවසා ඇත.

දෙමළ ජනතාවට සිදුවූ විවිධ තාඩන පීඩන හමුවේ ඔවුන් වෙසෙන රටවලදී දෙමළ ඩයස්පෝරාව ශ්‍රී ලංකාවට එරෙහිව බලපෑමක් ඇති කිරීමට සමත් වූ පිරිසක් නිසා ඔවුන්ගේ සහයෝගය යළි ලබා ගැනීමට හැකිවීම අතිශය වැදගත් කමක් ගන්නා බවත්, බහුතර දෙමළ ඩයස්පෝරාව නොබෙදුණු එක්සත් ශ්‍රී ලංකාවක් තුළ වැඩ කිරීමට කැමැත්ත ප්‍රකාශ කොට ඇති බවත් ඔහු එහිදී ප්‍රකාශ කර තිබේ.

එමෙන්ම අනාගතයේදී තම දේශපාලන උවමනාවන් දිනා ගැනීමට ප්‍රචණ්ඩත්වය පවා ප්‍රතික්ෂේප කරමින් ඔවුන් පොදු ප්‍රතිඥාවක් පවා දීමට කැමැත්ත පළ කොට ඇති බවත්, එම පිරිසගේ ඥානය, දක්ෂතා, සහ නිපුනතා ශ්‍රී ලංකාවට ලබා ගැනීමේ අවස්තාව උදාවන බවත් විදේශ ඇමති මංගල සමරවීර මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>