දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනපති එකඟවේ

null

වසරක් ඇතුළත නඩු පැවරීමකින් තොරව විවිධ බන්ධනාගාරවල සිටින දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එකඟ වී තිබේ.

ඒ මන්නාරම් රදගුරු රායප්පු ජෝෂප් හිමිපාණෝ ජනාධිපතිවරයාගෙන් කල ඉල්ලීමකට අනුවය.

අද පුවත්පත වාර්තා කරන පරිදි තමන් සහ ජනාධිපතිතුමන් 25 දා කොළඹදී මෙම දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම පිළිබඳව ඉතා දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කළ බවද එහිදී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන සිරකරුවන් අවස්ථා දෙකකදී ජනාධිපති පොදු සමාවක් දී නිදහස් කළ ආකාරයට මෙම දෙමළ දේශපාලන සිරකරුවන්ද නිදහස් කරන මෙන් තමන් ඉල්ලා සිටි බවද හිමිපාණෝ පවසා තිබේ.

ඒ අනුව ජනාධිපතිවරයා බොහෝ දෙනෙකුගේ ඉල්ලීම් පරිදි මෙම දෙමළ දේශපාලන සිරකරුවන් මාස තුනක් ඇතුළත නිදහස් කිරීමට නොහැකි බවත්, නමුත් වසරක කාලයක් ඇතුළත නිදහස් කිරීමේ හැකියාවක් ඇති බවත් සඳහන් කර ඇත.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>