දෙමළ දේශපාලන සිරකරුවන් වෙනුවෙන් සිසුවෙක් කෝච්චියට පනී

null

යාපනය, කොක්කුවිල් ප්‍රදේශයේදී පාසල් සිසුවෙකු අද (26) උදෑසන දුම්රියට පැන සියදිවි නසාගෙන තිබෙන බව යාපනය කොක්කුවිල් ප්‍රදේශවාසීහු පවසති.

රෙජ්ස්වරන් සෙන්දුරන් නමැති යාපනය කොක්කුවිල් හින්දු විද්‍යාලයේ අධ්‍යාපනය ලැබු 18 හැවිරිදි පාසල් දරුවෙකු මෙලෙස දිවි නසාගෙන ඇති බවයි වාර්තා වෙයි.

දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන ලෙස ලිපියක් ලියා මෙම දරුවා දුම්රියට පැන තිබේ.

දේශපාලන සිරකරුවන් වහාම නිදහස් කළ යුතු බවට තමන් ඉල්ලීම් කර ඇති අතර,රජයට දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සම්බන්ධයෙන් නොතේරෙන්නේ ඇයිද යනුවෙන්ද අදාළ ලිපිය මගින් ප්‍රශ්න කර ඇති බවට වාර්තා වේ.

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>