දෙවන එක්දින තරඟයේ ජයත් ශ්‍රී ලංකාවට

null

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැති දෙවන එක්දින තරඟයේ ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (04) සමත් විය.

කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරඟයේ කාසියේ වාසිය දිනා ගත් කොදෙව් කණ්ඩායම මුලින්ම පන්දුවට පහරදීමට තීරණය කළේය. තරඟය පැවැත්වෙන අතරතුර වාර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරඟය පන්දුවාර 38කට සීමා කිරීමට විනිසුරුවන් තීරණය කළේය.

පන්දුවාර 38කට තරගය සීමා වූවත් කොදෙව්වන් සියලුදෙනා පන්දුවාර 36යි පන්දු 4කදී දැවී රැස්කර ගැනීමට හැකි වූයේ ලකුණු 214ක් පමණයි.

පිළිතුරු ඉණිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 36 යි පන්දු 3 ක් තුළ කඩුලු 2 දැවී 225 ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.

කුසල් ජනිත් පෙරේරා පන්දු 92 කදි ලකුණු 99 ක් ලබාගැනීමට සමත් විය. හයේ පහර 4 ක් සහ හතරේ පහර 6 ක් ද ඊට ඇතුළත්. ලහිරු තිරිමාන්න පන්දු 95 කදී නොදැවී ලකුණු 81 ක් ලබාගත්තේය. තරගයේ වීරයා ලෙස සම්මාන දිනාගත්තේ කුසල් ජනිත් පෙරේරායි.

දෙපිළ අතර පැවති පළමු තරගයද ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය යටතේ ශී‍්‍ර ලංකාව ජයගත් අතර මේ වන විට 2-0 ලෙස එක්දින තරඟාවලිය ජයගෙන සිටින්නේ ශ්‍රී ලංකා කණ්ඩායම යි.

3 වන සහ අවසන් තරගය අනිද්දා පල්ලෙකැලේදී පැවැත්වෙයි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>