28 Dec 2015
දෙවන තරඟයේ ජයත් නවසීලන්තයට
සංචාරක ශ්රී ලංකා කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 10 කින් ජයග්රහණය කිරීමට නවසීලන්තය සමත්විය.
කාසියේ වාසිය දිනූ ශී්ර ලංකා කණ්ඩායම පළමුව පන්දුවට පහරදීමට තීරණය කර ඇති අතර එහිදී ශ්රී ලංකා පිතිකරුවන් ලකුණු 117ට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමත්විය.
නුවන් කුලසේකර ලකුණු 19 යි. නායක ඇන්ජෙලෝ මැතිව්ස් සහ ධනුෂ්ක ගුණතිලක ලකුණු 17 බැගින් ලබාගෙන තිබේ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්තය පන්දුවාර 8 යි පන්දු 2 කදී කිසිවකුත් නොදැවී ජයග්රාහී ඉලක්කය පසු කළේය.
සංචාරක ශ්රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර තුන්වන එක්දින තරගය ලබන බ්රහස්පතින්දා නෙල්සන්හිදී පැවැත්වීමට නියමිතයි.