දෙසැම්බර් 02දා සිට සා.පෙළ පන්ති තහනම්

null

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළව සංවිධාන කරන උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු දෙසැම්බර් 2 වනදා මධ්‍යම රාත්‍රී 12 න් පසු නතර කළ යුතු බව විභාග දෙපාර්තමේන්තුව දැනුම්දීමක් කර තිබේ.

විභාග කොමසාරිස්වරයා නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊට පටහැනිව කටයුතු කරන පුද්ගලයන් ප්‍රසිද්ධ විභාග පනත යටතේ වරදකරුවෙකු විය හැකි බවයි.

ඒ අනුව 2015-12-02 මධ්‍යම රාත්‍රී12.00 සිට විභාගය අවසන්වන 2015-12-17 වන දින දක්වා සම්පූර්ණ කාලය තුළ එම විභාග අපේක්ෂකයින් සඳහා උපකාරක පංති සංවිධානය කිරීම, එම පන්ති මෙහෙයවීම, විෂයානුබද්ධ දේශන, සම්මන්ත්‍රණ, වැඩමුළු පැවැත්වීම තහනම්.

එසේම එම විභාග අනුමාන ප්‍රශ්න ඇතුළත් ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම, ඒවා බෙදාහැරීම, විභාග ප්‍රශ්නපත්‍රවල ප්‍රශ්න ලබාදෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා, විද්‍යුත් හෝ මුද්‍රිත මාධ්‍ය මගින් ප්‍රසිද්ධියට පත්කිරීම හෝ එවැනි දේ ළඟ තබා ගැනීම සපුරා තහනම් බව විභාග කොමසාරිස්වරයා නිවේදනය කරයි.

කිසියම් තැනැත්තෙකු හෝ ආයතනයක් මෙම නියෝග කඩකරමින් වරදක් සිදුකරන්නේනම් ළඟම පවතින පොලිස් ස්ථානය, පොලිස් මූලස්ථානය හෝ විභාග දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කළ හැකි බව විභාග කොමසාරිස් ජනරාල්වරයාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

එම නිවේදනය අනුව විභාග දෙපාර්තමේන්තුවේ ක්ෂණික ඇමතුම් අංකය වන 1911, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208/ 0112784537 අංක වලට හා පොලිස් මූලස්ථානයේ අංක 0112421111 යන අංකයට හෝ පොලිස් හදිසි ඇමතුම් අංකය වන 119 වලට මේ පිළිබඳ පැමිණිලි කළ හැකිය.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>