දෙහැවිරිදි දරුවාගේ ඝාතනයට මව්පියන් අත්අඩංගුවට
වයස අවුරුදු 2ක පිරිමි දරුවා ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.
මැයි 14 වන දින සවස 5ට පමණ මහල් නිවාස, හිජ්රා මාවත, කොළඹ 10 යන ලිපිනයේ මෙම මරණය තිබී ඇති බවට මාළිගාවත්ත පොලීසියට තොරතුරක් හිමිව තිබුණි.
පොලිස් නිලධාරින් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් පරීක්ෂා කිරීමේ දී වයස අවුරුදු 2ක් වු මොහොමඩ් අලි මොහොමඩ් උස්මාන් ඉකම් නැවති පිරිමි දරුවෙකු මිය ගොස් ඇති අතර, දෙමාපියන් ප්‍රකාශ කර ඇත්තේ අධික සීනි වැඩිවීම හේතුවෙන් දරුවා මිය ගිය බවයි.
සිදු කරන ලද විමර්ශනවලදී දරුවාගේ වම් පාදයේ පිළිස්සුම් තුවාල කිහිපයක් ඇති බව දක්නට ලැබී ඇති අතර, මෙම සැකකටයුතු මරණය සම්බන්ධයෙන් අළුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.
පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවී ඇත්තේ මරණයට හේතුව බාහු විධ මොට ආයුධයකින් තුවාල සිදු කිරීම බවයි.
මරණ පරීක්ෂණ වාර්තාව හිමි වීමත් සමඟ මිය ගිය දරුවාගේ මව හා පියා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර, අද(16) දින අලුත්කඩේ අංක 4 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.