දෙහැවිරිදි දරුවා තනිකර මව්පියන් පළායයි

null

ගලේවෙල 4 කනුව ප්‍රදේශයේ පියෙකු විසින් සිය දෙහැවිරිදි දරුවා අසල්වැසි කාන්තාවකට භාරදී දින කීපයකට බලාගන්නා ලෙස පවසමින් පිටව ගොස් තිබේ.

එම පියා අදාළ දරුවා දමා ගොස් මේ වන විට මාසයක පමණ කාලයක් ගතවී ඇති බව දරුවා බලාගත් එල්. ඩී. විමලාවතී නම් අසල්වැසි කාන්තාව පවසයි.

දරුවාගේ මව වෙනත් අයකු සමග අනියම් සම්බන්ධතාවයක් හේතුවෙන් පළා ගොස් ඇති අතර මෙම දරුවන්ගේ පියා වෙනත් විවාහයක් කරගැනීම සදහා මේ ආකාරයෙන් දරුවන් අතරමන් කර ගොස් ඇති බවත් එම කාන්තාව පවසා තිබේ.

අදාළ දෙමව්පියන් තවත් වයස අවුරුදු 4ක දියණියක් ආරාමයක සිටින බවත්, තමන් මෙම දරුවාව ගලේවෙල පොලිසියට අද (02) දින භාර දෙන බවද ඇය වැඩි දුරටත් සඳහන් කර ඇත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>