03 Nov 2015
දෙහිවලදී අල්ලාගත් සැකකරු මාලදිවයින් පොලිසියට
මාලදිවයින් ජනාධිපති අබ්දුල්ලා යාමීන් ඝාතනය කිරීමට සැලසුම් කිරීමේ චෝදනාව යටතේ දෙහිවල නැදිමාල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුණු සැකකරු මාලදිවයින් පොලිසියට භාර දී තිබෙන බව නෙත් නිව්ස් වාර්තා කරයි.
ආගමන විගමන බළධාරීන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එක්ව ඊයේ (02) උදෑසන සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ දෙහිවල – නැදිමාල ප්‍රදේශයේ දිය.
පසුව මාලදිවයින් පොලිසියට භාර දුන් අදාල සැකකරුගෙන් මේ වන විට ප්‍රශ්න කිරීම් සිදු කරන බව මාලදිවයින් පොලිසිය උපුටා දක්වමින් මෙරට මාධ්‍ය වාර්තා කර ඇත.
මාලදිවයින ජනාධිපතිවරයා ගමන් කරමින් සිටි යාත්‍රාවකට බෝම්බ ඇටවීමෙන් ජනාධිපතිවරයා ඝාතනය කිරීමට සැලසුම් කිරීම සැකකරුට එරෙහි චෝදනාවයි.
සැකකරු මාලදිවයින් උප ජනාධිපති අහමඞ් අඞීබ් සමග එක්ව මෙම සැළසුම සකස් කර ඇති බවයි දැනට සිදු කර ඇති විමර්ශන වලදී අනාවරණ වී ඇත.