දේශපාලනයට එන කතා බොරු – සංගා

null

තමා දේශපාලනයට පිවිසීමට සැලසුම් කරන බවට පැතිරයන කටකතාවන් ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක,ජ්‍යෙෂ්ඨ ක්‍රීඩක කුමාර සංගක්කාර පවසයි.

සිය නිල ෆේස් බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන් දේශපාලනයට පිවිසෙන බවට ඇතැම් මාධ්‍යයන්ගේ පළ වූ වාර්තා සහ පැතිර යන කටකතා සත්‍යයෙන් තොර ඒවා බවයි.

තමන් මීට පෙරාතුව පවසා ඇති පරිද්දෙන්ම දේශපාලනය පිළිබඳ කිසිදු උනන්දුවක් නොමැති බව,මෙවැනි කටකතාවන් නොතකාහරින ලෙස තමන් ඉල්ලා සිටින බවත් කුමාර සංගක්කාර එමගින් වැඩිදුරටත් පෙන්වාදී ඇත.

null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>