දේශපාලනය අත්හරින්නේ නෑ – දුමින්ද සිල්වා

null

මැතිවරණයට නාම යෝජනා නොලැබුණ පමණින් තමන් දේශපාලනය අත් නොහරින බව එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා පවසයි.

එමෙන්ම තමන් පක්ෂය අත්නොහරින බවත්, තමන් තවමත් තරුණයෙකු වීම හේතුවෙන් ජනතාවට සේවය කිරීහ හැකි බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.

අද පුවත්පත වාර්තා කරන පරිදි කොළඹ දිස්ත්‍රික්කයෙන් සන්ධානයෙන් පළමු වැන්නා තමන් වේ යැයි බියෙන් ඇතැම් පිරිසක් කුමන්ත්‍රණකාරීව තමන්ට නාමයෝජනා ලැබීමට ඇති අවස්ථාව නැති කළ බවත් ඔහු ප්‍රකාශ කර ඇත.

“ඒක තමයි මමත් කල්පනා කරන්නේ. බොරු චෝදනා ප්‍රචාරය කරලා මගේ චරිතය ඝාතනය කරන්න බොහෝ අය සැලසුම් කළා. ඒකට පළවෙනි හේතුව මනාප පොරයයි. වචන දෙකක් නැහැ නාමයෝජනා ලැබුණා නම් මම සන්ධානයේ, SLFP එකේ වැඩිම මනාප ගන්නවා. සාමාන්‍ය දැනුම ඇති ඕනෑම කෙනෙකුට තේරෙනවා මෙවර නාමයෝජනා දීපු විදිහෙන් මෙතෙක් මට කළ චෝදනා මගේ දේශපාලන ජීවිතය නැති කරන්න සිදුකළ කූට, සැලසුම් සහගත ක්‍රියා බව.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>