දේශපාලනය සඳහා නොපැමිණි බව සල්මාන් කියයි
ඉන්දීය සුපිරි නළු සල්මන් ඛාන් පසුගිය සඳුදා (29) ජැක්ලින් ෆර්නෑන්ඩස් සමග ශ්‍රී ලංකාවට පැමිණියේය. ඒ නාමල් රාජපක්ෂ මහතාගේ ආරාධනාවකට අනුවයි.
කෙසේ වෙතත් සල්මාන් ඛාන් ප්‍රකාශ කර ඇත්තේ තමන් ශී‍්‍ර ලංකාවට පැමිණියේ දේශපාලන කටයුතු වලට හවුල්වීමට නොවන බව ය.
නත්තල් සමය නිසාත්, අලූත් අවුරුද්ද එළඹෙන නිසාත් නිවාඩුවක් ගැනීමට තීරණය කළ තමා ශී‍්‍ර ලංකාවට පැමිණි බවත් එසේ වුවද තම සැබෑ අරමුණ වන්නේ ගංවතුරින් පීඩාවට පත්ව සිටින ජනතාවට තමා කි‍්‍රයාත්මක කර ඇති සහන සේවා වැඩසටහන් වලින් ලබාදිය හැකි උපකාර පිළිබඳව සොයාබැලීම බවත් ඔහු පැවසු බව ලංකාදීප පුවත් වාර්තා කරයි.
එමෙන්ම යුද්ධයෙන් පසු ශී‍්‍ර ලංකාවේ සැබෑ වෙනසක් දකින බවත් ඒ සියල්ල වත්මන් ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ කැපවීම හා උත්සාහය නිසා අත්කරගැනීමට හැකිවූවක් ලෙස දකින බවත් ඔහු පවසා ඇත.
“මීට වසර හතරකට පෙර අයිෆා (IIFA) සම්මාන උලෙළට මම මෙහාට ආවා. නාමල් රාජපක්ෂ හා ඔහුගේ පවුල සමග මම සමීප වුණා. ඉන් පසුව රෙඩ් චිත්‍රපටය සඳහා මම මෙහාට ආවා. මම මෙහාට ආවේ සුබ සාධන වැඩ සඳහා. මේ තමයි අපි කරන දේ. එහි දේශපාලනයක් නෑ. ජනපති විස්මිත මිනිසෙක්. මීට වසර හතරකට පෙර ශ්‍රී ලංකාවට ඇවිත් හෝටලයකට යන්න පැය එක හමාරක් ගියා. නමුත් දැන් යන්නේ විනාඩි විස්සයි.” යනුෙවන් ඔහු වැඩි දුරටත් සඳහන් කර තිබේ.
මේ අතර සල්මාන් ඛාන් ශී‍්‍ර ලංකාවට පැමිණ ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාර සඳහා සහය පළකිරීමට දැඩි ලෙස විරෝධය දක්වන බව තමිල්නාඩුවේ එම් ඩී එම් කේ පක්ෂ නායක වයිකෝ ප්‍රකාශ තිබේ.