දේශපාලන පක්‍ෂයක නායකයෙකු ලෙස එනවා

null

දේශපාලන පක්‍ෂයක නායකයෙකු ලෙස ඉතා ඉක්මනින් කරළියට පැමිණෙන බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පවසයි.

කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේය.

“මින් මනත මේ පක්ෂ දේශපාලනිකව පිරිහුණු නායකයින්ව ගොඩකරන්න හරි පෙනිසිටින්න හරි කිසිම අදහසක් නැහැ.ඒක ඉවරයි. මේ රටේ මිනිස්සු අපි ගැන විශාල බලාපොරොත්තුවක් තිබුණා. මම මතක් කරනවා ඒ බලාපොරොත්තු දල්වාගෙන සිටි මිනිස්සුට ඒ බලාපොරොත්තුවෙන් මිදෙන්න එපා. මින් ඉදිරියට අපි දේශපාලන කරලිය තුළ අනිවාර්ය වශයෙන් සිංහලයාගේ බෞද්ධයාගේ ආරක්ෂාව පැවැත්ම සහ අභිවෘද්ධිය වෙනුවෙන් පෙනිසිටින්න වැඩකරන්න දේශපාලන පක්ෂයක නායකයෙක් වෙලා වැඩකරන්න ඉදිරියට එන්න අපි බලාපොරොත්තු වෙනවා.”

මේ අතර තමන්ගේ පරාජයට බොදුබල සේනා සංවිධානය වගකිව යුතු බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ දරණ ස්ථාවරය වැරදි සහගත බවද ඥානසාර හිමියන් සඳහන් කරයි.

“අපි ස්තුතිවන්ත වෙනවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් අනේක විද ඝට්ටනයන්ට මුහුණ දෙමින් මිනිසෙකුට උහුලන්න බැරි තරම් නින්දා අපහස වලට මුහුණ දෙමින් එතුමාගේ ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ අපේ සංවිධානයට එතුමා ලබාදුන් කෘතවේදී අදහස් පිලිබදව එතුමාට අපි පළමුවෙන්ම ස්තුතිවන්ත වෙනවා. එතුමා පරාජය කරන්න බොදුබල සේනා එක කොන්ත්‍රාත්තුවක් කළාය කියන කාරණය ගැන දිගින් දිගටම අපි කරුණු සහේතුකව දක්වා තිබියදීත් මුහුණට මුහුණ සකච්ඡා කරලා වැරදි මතයෙන් ඉවත්වෙන්න කියද්දීත් පැරදිලත් නැවත නැවතත් ඒ වැරදි පාරේම ගමන් කිරීම ගැන කණගාටුවෙනවා.”

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>