දොස්තර නිමල් ගමගේට යළි අවසර

null

එන්නතක් ලබාදීමෙන් වෛද්‍යවරියක් මියගිය බම්බලපිටියේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානය නැවත විවෘත කිරීමට කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ඒ.එම්. සහබ්දීන් මහතා අවසර ලබා දී තිබේ. එහි යතුර ඔහුට බාර දෙන ලෙසද මහේස්ත්‍රාත් බම්බලපිටිය පොලීසියට නියෝග කළේය.

ඔහුගේ සායනයෙන් ප්‍රතිකාර ලබා ගත් බොරුල්ලේ ළමා රෝහලේ වෛද්‍යවරියක මිය යෑමේ සිද්ධියෙන් පසු ඔහුගේ සායනයට අධිකරණය සීල් තබන ලදී.

කෙසේ වෙතත් ඔහුගේ නීතිඥවරුන් ඊයේ අධිකරණයට දැනුම් දී ඇත්තේ වෛද්‍ය නිමල් ගමගේ මහතා ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වී ඇති බවයි. 1982 වසරේ දෙසැම්බර් මස 4 වෙනිදා අංක 8069 යටතේ එම ලියාපදිංචිය ලබාගෙන ඇති බව එහිදී වැඩිදුරටත් ප‍්‍රකාශ කර ඇත.

එමෙන්ම රූපලාවණ්‍ය සැත්කම් සිදුකිරීම සඳහා ද වෛද්‍ය නිමල් ගමගේ මහතා අමෙරිකාවේ විශේෂ පුහුණුවක් ලබා ඇති බව ඔහුගේ නීතිඥවරුන් ප්‍රකාශ කර තිබේ.

එම කරුණු සලකා බලා ද්‍රා තබා ඇති බම්බලපිටියේ රූපලාවණ්‍ය මධ්‍යස්ථානය නැවත විවෘත කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇති අතර නඩු විභාගය ලබන 21 වෙනිදාට කල් තැබිණි.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>