දෝහා සවාරියේ ගිය ලාංකික ගුවන් සේවිකාවක් මරුට

null

දෝහ නුවර ඊයේ (30) සිදුවු රිය අනතුරකින් ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් ගුවන් සේවිකාවක් ජීවිතක්ෂයට පත්වී තවත් සේවක සේවිකාවන් තිදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තා වෙයි.

කාන්තාර චාරිකාවක නිරත වද්දී, ඔවුන් ගමන්ගත් ජීප් රථය පෙරලීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

මෙම අනතුරෙන් ශී‍්‍ර ලංකන් ගුවන් සේවයේ ගුවන් සේවිකාවක් වන අමේන්ද්‍රා ඩී කුවේ ජීවිතක්ෂයට පත්වු අතර තුවාල ලැබුවන් අතර පසුගියදා හෝකන්දර සිදුවු ගුවන් අනතුරෙන් මියගිය ප්‍රධාන නියමුවාගේ බිරිඳ වන නියෝමි අලුත්ගමගේද සිටී.

කෙසේ වෙතත් ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති බව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මහජන සම්බන්ධතා හා මාධ්‍ය කළමණාකාර දීපාල් පෙරේරා මහතා සඳහන් කරයි.

ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ ප‍්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ප‍්‍රකාශ කළේ මෙම සිද්ධියෙන් ගුවන් සේවය දැඩි කම්පාවට සහ කනස්සල්නට පත්වූ බවයි. මියගිය ගුවන් සේවිකාවගේ දේහය හැකි ඉක්මනින් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන අතර, සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වන බවත් ඔහු සඳහන් කරයි.

ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල්.218 කටාර් සිට කටුනායක බලා පියාසර කිරිමට නියමිතව තිබු ගුවන් යානයක පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ති‍බේ.

මියගිය ගුවන් සේවිකාව

null
null
null

තුවාල ලැබූ නියෝමි අලුත්ගමගේ

null
null

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>