ධර්මසේනගේ තීන්දුවෙන් ක්‍රිකට් පිටිය කැළඹෙයි

null

2015 ලෝක කුසලාන තරඟාවලියේ එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවති තරඟයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් විනිසුරු කුමාර ධර්මසේන ලබාදුන් දැවියමේ තීන්දුවක් මේ වන විට කතාබහට ලක්වෙමින් පවතී.

තරගයේ අවසන් පන්දුවට මුහුණදුන් එංගලන්ත කණ්ඩායමේ ජෙම්ස් ටේලර් ලකුණු 98 ලබා සිටියදී කඩුල්ල මුවා කිරීමේ වරදට හසුවුණා යැයි විනිසුරුවරයා තීරණය කළේය. එම අවස්ථාවේ ප්‍රධාන විනිසුරු ලෙස කටයුතු කළ අලීම් ඩාර් එය දැවී යෑමක් ලෙස සටහන් කළත් ජෙම්ස් ටේලර් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් තෙවැනි විනිසුරුට ලබාදෙන ලෙස ඉල්ලීමක් කොට තිබුණි.

නමුත් ප්‍රධාන විනිසුරු දැවී යෑම සටහන් කළත් ඒ අතර කාලය තුළ පිතිකරුවන් දෙදෙනා ලකුණක් වෙනුවෙන් පැති මාරු කර ගැනීමට උත්සාහයක නිරත වුණු අතර එහිදී අනෙක් අන්තයේ සිටි ජිමි ඇන්ඩර්සන් දුවද්දී දැවී යෑමකට හසුකර ගැනීමට ඕස්ට්‍රේලියානු පන්දු රකින්නන් සමත් වන අතර එය දුවද්දී දැවී යෑම දැවී යෑමක් ලෙස එවෙලේ දෙවැනි විනිසුරු ලෙස කටයුතු කළ කුමාර් ධර්මසේන තීරණය ලබාදී තිබුණි.

කෙසේ හෝ අවසන පන්දු රකින්නන් විසින් ඉල්ලීම කළ කඩුල්ල මුවා කිරීමේ දැවී යෑම නිෂ්ප්‍රභ වන අතර අනතුරුව එම පන්දුවටම හසුකරගත් දුවද්දී දැවී යාමේ තීන්දුව ලබාදෙනු ලැබුවේ කුමාර් ධර්මසේන විසිනි.

මේ හේතුවෙන් ලකුණු 98 ලබා සිටි ජෙම්ස් ටේලර් හට සිය මංගල ශතකය ලබාගැනීමේ අවස්ථාවද අහිමි විය.

තරගය අවසන් වූවායින් පසුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එම දුවද්දී දැවී යෑම නීති විරෝධී දැවීයෑමක් බවත් ඒ වැරැද්ද විනිසුරුවරුන් භාරගත යුතු බවත්ය.කඩුල්ල මුවා කිරීමේ වරදකට හසුවී විනිසුරු විසින් තීරණය ලබාදීමෙන් අනතුරුව පන්දුව අජීවී වන බවත් අනතුරුව එවැනි දවා ගැනීමකට හසුකරගැනීමට නොහැකි බවත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මේ හේතුවෙන් ඉදිරි තරඟ විනිශ්චය කිරීම සඳහා ධර්මසේනගේ සහභාගී වීම සැක සහිත බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

එම අවස්ථාව පහතින්.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <s> <strike> <strong>